මරියසිලෝ

Mariyasilo
මරියසිලෝ මගේ මරියසිලෝ
රිදී වැල්ලේ දැල් තෝරන මරියසිලෝ
අඹකඳවිල ඔරු තොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
නෙරියට හැට්ටේ ඇඳන් තියලා සුරුක්කූ
සෙව්වට උඹ යනකොට දමලා මුරුක්කූ
උඹ දනිය වහන් සුළං සාය උඩට උරුක්කූ
අඹකදවිල ඔරුතොටුපොළ
මේ මම උන් කල දැල් එල එල
උඹ දුන් බර කැඳ ගොටුකොල
පිනවයි බොල මගේ මන දොළ
ඇනියට නැගලා වරෙන් යන්න උඩප්පු
මඩියට මාළු පිරෙයි නැතිව කුලප්පු
උඹ නාඩිය මගේ පණ කෙන්දට දාපු පලික්කු
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නලින් පෙරේරා
All songs by නලින් පෙරේරා