මගෙ ඔරු කඳත් දිරාලා

Mage Oru Kandath Dirala
මගේ ඔරුකඳත් දිරාලා
කොල්ලෑවේ ලණු කැඩීලා
නමුත් මුහුදු යායුතු
රැක ගන්න ජීවිතේ
මගෙ බිරිඳ නිදිමරන් සාදා
දුන් බතුත් අරන්
මහ සයුරට යන්නේ
හද පුරවා ගෙනත් පැතුම්
අව්ව සැරයි සුළන් වැඩියි
සැඩ සුළගින් රුවලත් ඉරිලා යයි
මහ සයුරේ රළ නැග ඒවී
ජීවන මරණය අතර සටනකි
මහ දියඹේ අඝාදයේහි
දරුවන් රකින්න ඈතට යනවා
තෝරුන් හා ලොකු ලොකු මෝරුන්
මම වෙරළ පුරා ගොඩට ගේනවා
වෙරළ දිගේ සුදු වැල්ලේ මා
එනතුරු දරුවන් මග බලා හිඳී
වෙහෙසවෙලා දවස ගෙවාලා
මම දෙවි පිහිටෙන් ආපසු එන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by නලින් පෙරේරා
All songs by නලින් පෙරේරා