මුදු පරම සුපිවිතුරු
Mudu Parama Supiwithuru
මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
අප වෙලී දෙඩූ අද සැඳෑ කලේ
ඔබගෙන් සමු ගත් මොහොතේ
ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්
ඒ සිත මා ළඟ කතා කරනවා
දෑසම නොපියා බලා හිඳිනවා
දඟකාර කම් කරමින්
නෙත් පියන්න ඉඩ දෙන් නෑ
නේවාසිකාගාරේ
පොත් අතර රැඳී ඔබ අකුරු කියූවද
කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
ඔබෙ සිත මා ළඟ හින්දා
ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
ආපසු එන්න කියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක