මේන් අපේ ඉස්කෝලේ
Men Ape Iskole
මේන් අපේ ඉස්කෝලේ
රාන් රුවයි රැස් මාලේ
රෑන් පිටින් අපි ආවේ
පහන් වැටක සිරියාවේ
වැස්සට ගඟ ආවත් පංතිවලට
අව්වට ඉර වැටුනත් හිස්මුදුනට
වෙඩි පිට වෙඩි ඇහුනත් පැයෙන් පැයට
අපි ආදරේ අපේ ඉස්කෝලෙට
කුඹුරේ වැඩ තිබුනත් යලට මහට
එනවා හැමදාමත් පංති වලට
ඩෙස් පුටු බංකු නැතත් ඉඳගන්නට
අපි ආදරේ අපේ ඉස්කෝලෙට
ලස්සන සාරි නැතත් ටීචර්ලට
මූණට එළිය ඇවිත් පිං පාටට
කැන්දන් යන්න අපිව හෙට ලෝකෙට
අපි ආදරේ අපේ ඉස්කෝලෙට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රදීපා ධර්මදාස