කොලොම්තොටින් නැව් නැග්ගා
Kolomthotin Naw Nagga
කොලොම්තොටින් නැව් නැග්ගා
අපේ රටේ මනුස්සකම
කොලොම්තොටට ගොඩ බැස්සේ
අමනකමයි ඒ වෙනුවට
බෝනික්කන් ඇස් නටවන ලස්සන හුරු බුහුටිකමට
නැවෙන් ඇවිත් කොලොම්තොටට ගොඩබැස්සා අපූරුවට
අපේ ඇත්තෝ බෝනික්කන් මිලදී ගෙන කාසි වලට
කිරි දරු පැටවුන්ගෙන් නැව පුරවන්නේ ඒ වෙනුවට
මව් තුරුලේ පිපෙන මලට ලංසු තියන නොමිනිසුන්ය
දුප්පතුන්ගේ මල් නෙලමින් ඉසුරු සොයන බැතිමතුන්ය
කිරි දරුවන් විතරක් නොව මාරුවෙලා කාසිවලට
කොලොම්තොටින් නැව් නැග්ගේ අපේ රටේ මනුස්සකම
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රදීපා ධර්මදාස