මේ උයන් කොනේ

Me Uyan Kone
මේ උයන්කොනේ නිල් දිය රැඳුණු විල්තෙරේ
ඇලේ දොලේ හඬ ඇසුනේ අපේ ආදරේ
සීත හිම පෙතේ සීතල දැවටෙනා වෙලේ
නුවන් නොදුටු රුව ඇඳුනා සිහින් සීතලේ
සිනා රොදක් නැතී
කඳුළ මා වටා එතේ
වළා පෙලෙන් එබී
තනිව හඳ බලා හිඳී
සහන සතුට ඔබෙයි මගේ
මතක දුර ඇදේ
දෙමා පියන් බැඳී
පවුරු අප වටා ඇතී
පියාසලන්නෙමී
දිනෙක ඔබ සොයා එමී
පවන්සලන ලෙසින් සිතට
ගිමන් නිවනෙමී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා