මේ පාළු සීත රාත්‍රියේ

Me Paalu Seetha Rathriye
මේ පාළු සීත රාත්‍රියේ
කියාදෙන්න රහසින්
ප්‍රේමය නම් කිමැයි කියා
නිදිමත තරුකැට කඩාවැටේ
ඉඩදී අඳුරට අහස්තලේ
සඳ මල මිලිණව බලා හිදී
දකිනතුරා අඩ නුවන් අපේ
සඟවා ළය මත
ඔබෙ වත රහසින්
කියාදෙන්න ලංවී
ප්‍රේමය නම් කිමැයි කියා
ගහකොල නිසලව බලා හිදී
පවන් රොදක සිහිලසින් මිදී
පිණිකඳුලැලි කැට කඩා වැටේ
ඇහෙන තුරා පෙම්වදන් අපේ
සුසුමක් සුසුමට
ලංකර රහසින්
කියාදෙන්න ලංවී
ප්‍රේමය නම් මෙයැයි කියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා