මගේ කඳුලින් නිමා වූ

Mage Kandulin Nima Wu
මගෙ කඳුලින් නිමා වූ මාවතේ මාවතේ
ඔහු සමඟින් ඔබ මන්දහාසේ යන ගමනේ
මගේ යුග නෙතු ඔබට හිරු සඳු වේවා
වාසනාවන් අහිමි පෙම්වතියේ
නිමල පෙම් වේදනාවෙන්
නිහඬ වූ වේදනාවෙන්
අහිංසක මා හෙලන සුසුම්
ඔබට පවනක් වේවා
පාළුකුටියේ මා අරාජිත වී
නිදා නොනිදා හිදින රෑ
සිහිනයෙන් හෝ පෙනේවා
ඔබේ සෙනෙහේ නිවුනු පහන්
නොනිමි පහනක් වීලා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි
All songs by එඩ්වඩ් ජයකොඩි