මනමාලයි ආදරෙත්

Manamalai Aadareth
පාවෙලා කෝඩු ආකාසෙ නැවතෙමින්
ජීවිතේ හීනයක් මම දෝ කියන්
හෙමි හෙමින් නැවතිලා තව හිතුවොතින්
ඇත්තමයි නුඹ මගේ අහසම තරම්
කවිකාර හීනේ ලඟින්
දඟකාර කම් හිත තියන්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
මනමාලයි ආදරෙත් නුඹ තරම්
නිදි වරන හීනයේ - මතකය දිගේ ගිහින්
සෙනෙහසට ගැඹුරක් එක්කරන් - ඔය නමින්
නුඹ දුන්නු ආදරේ - අරුත සොයනා සිතින්
තව නුඹට ලංවුනා - හුස්ම වැටෙනා දුරින්
නුපුරුදුම ආදරේ - එක හිතක යා කරන්
නවතින්න හදවතේ හිතුමතේ - දුර ගිහින්
ඉකිබින්ද ජීවිතේ - තනිකම මැකී ගිහින්
තව ඉඩක් නෑ හිතේ - නුඹට දුන්නා තරම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සමිතා මුදුන්කොටුව
All songs by සමිතා මුදුන්කොටුව