සිනා පිපෙනා මේ වසන්තය
Sina Pipena Me Wasanthaya
සිනා පිපෙනා මේ වසන්තය
නෙලා දෝතින් මලක් සේ සිනා සී
මගේ ලොව වෙත ඔබයි ගෙන ආවේ
සිනා සී ඔබයි ගෙන ආවේ
වසන්තය මලක් සේ
නිබඳ සුවඳයි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිටමං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්
නිසල සිතුවිලි සසල තුරුලිය
අතර තනිවෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සගවමි හද සෙනේ සුසුමින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ලක්ෂ්මන් විජේසේකර