මම මවා ගනිමි
Mama Mawaa Ganimi
මම මවා ගනිමි ඔබේ සිනා සපිරි රුව
හදේ කොනක රඟ දෙන්න ඔහේ
ඉඟිපපා හිනාවෙන විටයි අගේ
සරසන්න එලෙස ජිවිතේ මගේ
යුග ගණන් බැඳී ආ ලෙසට දැනේ
අප ඇසුර වැඩු ටික කලට මෙසේ
බල බිඳිනු නොහැකි සිත් පවුර තනාගමු
සෙනෙහෙ නමින් අප දෙසිත ඉමේ
නැගිටුවා දිරිය දෙන හැඟුම ඔබයි
මම සිතනෙමි ඔබ ගැන දිවා රැයේ
සිරිකතක් ලෙසින් සිරි ඉසිරී වතින්
සිත බැඳෙන පැතුම් ඉටුකරන් ලියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්