මම කඳුළු බිංදුවක්

Mama Kandulu Binduwak
මම කඳුළු බිංදුවක්
සීතලට දැනෙන සිත රිදවන
කඳුළු බිංදුවක්
දරු සෙනේහයෙන්
මවක නෙතින් ගලා හැලුන
ප්‍රිය වියෝගයෙන්
විරහිනියක ඇසින් මිදුන
ඒ කඳුළු බිඳක
නමක් ගමක් ලියා තියෙනවද
රළු පරළු කුරිරු
හදක් වෙඬෙරු වී වැගිරෙන
ගිනි ගැනුනු පෑල
මල් දෙකොපුල රෑරා එන
මට එකතු වෙන්න
ඔබේ ඇසෙත් කඳුළු තියෙනවද
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී
All songs by දීපිකා ප්‍රියදර්ශනී