මල ඉර බසිනා
Mala Ira Basina
මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබගෙන් සමුගන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්
නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ
සුළඟේ දැවටී ඔබට හොරෙන්
මම ඔබ වෙත එන්නම්
සියුමැළි දෑතින් ඔබ හිස අතගා
ඔබ නිදි කරවා මම යන්නම්
අළුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිණි කඳුළක් රඳවා
සුසුමක් වාගේ ඉන් පිටවී
ඔබගෙන් වෙන් වෙන්නම්
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී
ඔබගෙන් වෙන්වී මම යන්නම්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව