මල් ලියකම් රැඳි
Mal Liyakam Randi
මල් ලියකම් රැඳි පෙම් සිතුවම් ඇඳි
ආදර විජිනි පතින් කවුදෝ
සිහිල් පවන් සලනා
කියා ගන්න බැරි නුහුරු හැඟුම්
ඔබෙ නුවන් පුරා ඇඳෙනා
ඔච්චම් කර මල් කුමර කුමරියෝ
අප වට කර හිනැහෙන්නා
කිඳුරු කොදෙව්වේ මුතු පායේ
හැංගෙමු අපි දෙන්නා
රත්තරනින් සැදි කේතකි මං පෙත
අත්වැල් බැඳ යමු රත්තරනේ
පිච්ච මලින් පිරී ලෝකය අපටයි
ස්වප්න පරාදීසේ සුරංගනාවියනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක