මගේ උපන්දින

Mage Upandina
මගේ උපන් දින ඔබ දුන් මල් දෙක
සඳ දෙව් පාමුල පුද කරලා
අපේ පැතුම් ලොව සඳ පායන්නට
පැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා
ලොවේ වෙසෙන තුරු නොමියෙන නොහැරෙන
කුසුමක් පිබිදී ඇතත් සිතේ
උදේ පුබුදු වී සවසට මැලවෙන
මල් නැතිවට මට කමක් නැතේ
දෑසින් ගිලිහෙන කඳුළු බින්දු ගෙන
හද තුල පිපි මල තෙමන්නෙමි
සිහිනෙන්වත් කිසි වෙනසක් නොව මා‍
මෙලෙසින් නිරතුරු වසන්නෙමි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් පෙරේරා
All songs by මිල්ටන් පෙරේරා