මගෙ හද මඩල
Mage Hada Madala
මගෙ හද මඬල මල් යහනකි ප්‍රභාවතී
ඔබෙ හද මඬල කටු යහනකි ප්‍රභාවතී
කටු යහනේ ඉන්නට බෑ ප්‍රභාවතී
මල් යහනෙන් බැස පලයන් ප්‍රභාවතී
සිනාසිසී දෝතින් යහන සැදූ ලියේ
මුවාවට ගොසින් ඉකිබිඳ හැඬුව ලියේ
මටම නොවෙයි කාටත් පෙම් බැන්ද ලියේ
මදෙස බලබලා නාඩන් කුමාරියේ
පිල් ගොමුවකින් පිල් ගොමුවට ඇඳුණු ලියේ
මල්වර සුවඳ බැඳි වරලස ඉනුව ලියේ
පවලම් පොටින් ගිලිහුනු තාරකාවියේ
කරපු පවට නාඩන් දේවතාවියේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ගුණදාස කපුගේ