මගේ දරු පැටව්

Mage Daru Pataw
මගේ දරු පැටව් අහසට දෑත දිගු කරන්
අම්මා එයි කියා ගමටම හඩ තලයි වැරෙන්
සින්න වෙන ඉඩම මට ගොඩ ගන්න බෑ ඉතින්
යන්න නුඹ උගසට දරු සෙනේ අරන්
ඇහැල මල් පිපිණු දෙවටෙදි හමුවෙලා එදා
දුන්නු බහ නිසා නුඹටත් දුක උරුම වුණා
අහස් යන්තරේ ගේ පැල පසු කරන් ගියා
පුංචි උන් අඩයි අම්මා බැස්සේ නෑ කියා
කන්න බෑ කියයි බත් ගුලි ලොකු වැඩියි කියයි
නින්ද නෑ කියයි මගෙ කවි තාලේ නෑ කියයි
මටත් නින්ද නෑ සිත නුඹ ගැනම ගතු කියයි
අඩන සිතට මල් පැණි නැතුව බැරි හැඩයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්