මාල පබළු වැල්
Maala Pabalu Wal
මාල පබළු වැල් කරවට ලන්නට
තෝඩු අරුන්ගල් තෑගි ගෙනෙන්නට
දවසක් ඒවිලු බිනර මහේ
බිනර මහහේ
කෝළ කොමළ ඉඟි මුවින් සිනාසී
හීන් හඬින් කොඳුරමින් එදා කී
හිරිමල් සීපද කාට ඇසේ කාට ඇසේ
ගිරා කොබෙයියෝ රංචු ගැසී වැව් ඉස්සමත්තේ
ආල කතන්දර රහස් කියනවලු
උන් උන් අපි ගැන කතා කරනවලු
හීන ඉසව්වේ පෙරුම්පුරා එන හීනේ
හිතට හිතක් නැත මෙහෙම හිතක් නැත
බිනර මලක් ලඟ බඹර නදක් ඇත
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව