මාගෙ පුතුට මල්

Maage Puthuta Mal
මාගෙ පුතුට මල් යහන සදන්නේ
දෑස සිහින වැල් පාවී එන්නේ
රෝස කැලේකින් හමුවූ වැන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
පුංචි පුතුනි ඇයි කිරට හඬන්නේ
කවුද පුතුට ලේ කිරි කර දෙන්නේ
අම්ම කියාලයි බහ තෝරන්නේ
ඒ සුදු අම්මා කොහෙදෝ ඉන්නේ
මවගෙ ළමැද ලේ කිරට පෙරෙන්නේ
ඒ කිරි සුවඳයි ලොව පවතින්නේ
පුතුගේ සිනාවෙන් සතුට සැදෙන්නේ
මල් යහනාවේ පුතු නැළවෙන්නේ
මට මේ කුමරුන් කවුදෝ දුන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සිසිර සේනාරත්න
All songs by සිසිර සේනාරත්න