ගයා ගීතයන් ගමේ
Gaya Githayan
ගයා ගීතයන් ගමේ වෙල් එලියේ
දුව පැන ඇවිදලා සෙල්ලම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ
ගුරුතුම දවසක් මා හට තැළුවා
දැක මට මතකයි ඈ හැඩුවා
මා අසනීපෙන් සිටි එම දවසේ
ඇඳ ලග ඈ මුළු රෑ සිටියා
අපි දෙන්නයි එකට පාසල් ගියේ
ගස් සෙවනේ ඉදන් පාඩම් කලේ
ඈ සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ
නාන වෙලේ මා රැල්ලට අසුවී
යන විට ඔහු විත් ගොඩ ගත්තේ
මා බොරුවට දවසක් තරහා වී
කෑම නොකයි ඔහු සිට ඇත්තේ
අපි දෙන්නයි එකට එහෙ මෙහෙ ගියේ
උදයේ හවහේ සෙල්ලම් කලේ
ඔහු සමගින් එදා ඒ මා තමා
අද නැතුවා වගේ ඈ මේ ගමේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රාණි සේනාරත්න