නුහුරු නුපුරුදු

Nuhuru Nupurudu
නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා
පවුරු බැදගෙන ‍සිතක වැජඹුණු
රසවතී නෑ කොයි ගියා
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි
මවා පියකරු සිහින සිතුවම්
මතුකලා රසබර හැගුම්
දයාවන්තය යොවුන් සිතුවිලි
රසකලා ඔබෙ නෙත් කැළුම්
ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
අසිමත් ලෙස වැඩුනු දේදුනු
කළුවලා පෙම් යට වුනා
මිහිරියාවිය අනේ දවසක
ඔබේ හදවත ‍ගොළුවුනා
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි
ආදරය එක අතක ප්‍රේමය
තව අතක මා නැති වුනා
සාගරය වැනි වේදනාවක
අ‍හෝ හිතවත තනිවුනා
ආදරෙයි මම ආදරෙයි
සුගත් තවමත් ආදරෙයි
ආදරෙයි මම ආදරෙයි
දම්මි තවමත් ආදරෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ඉන්ද්‍රාණි සේනාරත්න
All songs by ඉන්ද්‍රාණි සේනාරත්න