කුන්ද සමන් මල්

Kunda Saman Mal
කුන්ද සමන් මල් මල්
රැන්දු සිනාවා
කන්ද උඩින් පෑයූ
චන්ද්‍ර සිනාවා
නෙල්ලි කැලේ හැංගී
ඉන්න කුමාරි
පින්න පිපුණු සීතේ
එන්න සිනාසී
රංචු බිඟුන් සේනා
කැන්දු සිනාවා
පුංචි සමන් මල් රොන්
බිංදු සිනාවා
පිපි මලසේ
හිමිදිරියේ
ඔසරි පොටේ
සුදු නෙරියේ
සිත දැවටේ
සිලි සිලියේ
කුන්ද සමන් මල් මල්
රැන්දු සිනාවා
කන්ද උඩින් පෑයූ
චන්ද්‍ර සිනාවා
නෙල්ලි කැලේ හැංගී
ඉන්න කුමාරි
පින්න පිපුණු සීතේ
එන්න සිනාසී
රංචු බිඟුන් සේනා
කැන්දු සිනාවා
පුංචි සමන් මල් රොන්
බිංදු සිනාවා
මට නොදැනී
මට අමතා
පටු නළලේ
කියඹු ලතා
මුදු මුදුසේ
සැලෙන ලතා
කුන්ද සමන් මල් මල්
රැන්දු සිනාවා
කන්ද උඩින් පෑයූ
චන්ද්‍ර සිනාවා
නෙල්ලි කැලේ හැංගී
ඉන්න කුමාරි
පින්න පිපුණු සීතේ
එන්න සිනාසී
රංචු බිඟුන් සේනා
කැන්දු සිනාවා
පුංචි සමන් මල් රොන්
බිංදු සිනාවා
Contributors · 1
Pahansa — added the song
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න
All songs by ටී එම් ජයරත්න →