කොත්තමල්ලි
Koththamalli
අනං මනං බෙහෙත් වලට
ඇයි ගෙවන්නේ සල්ලි ලොකු සල්ලි
ඕන ලෙඩක් හොඳ වෙනවා
බොන්න කොත්තමල්ලී බොන්න මල්ලී
රුමේනියාවෙළු තියෙන්නේ
හොඳම කොත්තමල්ලී
ලංකාවට ගෙන්නන්නේ
අපේ අමල් මල්ලී
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
බොන්න නංගි මල්ලි
සැවොම කොත්තමල්ලී
ඔය ලෙඩට දුකට
ඔබට පිහිට වෙන්නේ
කොත්තමල්ලී
අපේ පුංචිකාලේ
පොඩි උණක් හැදුණ වේලේ
මට මතක් වෙනවා අම්මා
කොත්තමල්ලි පෙව්ව කාලේ
අපට හැදුණ හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
තරුණ වෙන්න සමහර අය
විටමින් පෙති බොතී විටමින් බොතී
එක්සසයිස් කරලා කරලා
සමහරුන්ට හතී අනේ හතී
ඔය අරවා මේවා මොකුත් නොකර
කොල්ලා වගේ ඉන්නේ
මම තාමත් උදේ හවා
කොත්තමල්ලී බොන්නේ
පනහා පැනලා උනත් එයා
ෆිට් එකේම ඉන්නේ
බොමු අපි කොත්තමල්ලි
මොකටද විස්කි බ්‍රැන්ඩි
ඕන නැහැ සෝඩා සැන්ඩි
නීට් බොමු කොත්තමල්ලි
අයිස් කැට එපා මල්ලි
උණු උණුවෙම බොන්න මල්ලි
බිව්වට කොත්තමල්ලි
ඩෝප් වෙන්නෑනේ මල්ලි
අපට හැදුන හැම ලෙඩටම
අම්මා දුන්න එකම බෙහෙත
කොත්තමල්ලී
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් පෙරේරා