හැමදේම වෙන්නේ හොඳටයි
Hamadema Wenne Hondatayi
හැමදේම වෙන්නෙ හොදටයි
හැමදේම වෙන්නෙ අපටයි
දුක්වෙන්නෙපා ලතැවෙන්නෙපා
හැමදේම වෙන්නෙ හොදටයි
ක්ලාක් කෙනෙක් ලෙස කොම්පැනියක මම
රස්සාවක් කෙරුවා
කොම්පැනි ලොක්කා කේලම් අහලා
මාව දොට්ට දැම්මා
ජොබ් එක ගහල ගියා යන එනමං නැතිව ගියා
ඔහොම ඉන්නකොට බිරිදගේ කීමට
පොඩි කඩයක් ඇරියා
ටික ටික දියුණු වුනා සැප සම්පත් හැම ලැබුනා
එදා ජොබ් එකෙන් මාව අස් කලේ
හොදටයි මට හිතුනා
මගේ හොදටයි මට හිතුනා
හිතන පතන හැමදේම ඒ ලෙසින් බෑ ඉටුකරගන්න
නොසිතූ දේ සිදුවුනත් ජීවිතේ ඉවසීමෙන් ඉන්න
කළබල වෙන්න එපා කිසිවිට බිය වන්න එපා
එන හැමදේටම ආත්ම ශතක්තිය ඇතිව මුහුණ දෙන්න
හදවතට සවන් දෙන්න ඒ අනුව වැඩකරන්න
හොදදේ කෙරුවොත් විපතක් සැපතට
පෙරලෙනවා ඔන්න
ඒ බව දැනගෙන ඉන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සුනිල් පෙරේරා