කොතනකද අද ඔබ

Kothanakada Ada Oba
කොතැනද අද ඔබ ඉන්නේ
පිණි මුතුලැල් කඩා හැලී
සීතල සඳ පිපුණු රැයක
ආදරයෙන් උමතු වී බැඳී
මා ඇකයෙහි සැතපුන සොඳුරි
කොතැනද අද ඔබ ඉන්නේ
අතීතයේ එක් දිනකුදු
නොදැක සිටින්නට නොහැකිව
අනන්ත රැකවල් මැද වුව
නිඹඳ මවෙත ළං වූ
අහිංසකාවියේ
කොතැනද අද ඔබ ඉන්නේ
දිවි ඇති තුරු එක සෙවණක
සැනසෙන්නට පෙරුම් පිරූ
පෙර අප හද වූ සෙනෙහස
කොතැනක සැඟවුනිදෝ
නිසංසලාවියේ
කොතැනද අද ඔබ ඉන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක