කොමළ ලියා බොළඳ ලියා

Komala Liyaa
කොමළ ලියා බොළඳ ලියා
මාව දමා යන්න ගියා
සියුමැලියා සිකුරුලියා
සියුමැලියා සිකුරුලියා
ගත සීතල පහස ලබා
ළැම රන්වන් සුවඳ සොබා
නිමවෙයි රොන් ලැබුව මෙමා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරුලියා
නෙත ඇඳි රුව ඔබෙනේ සුදූ
අද ඒ නෙත කඳුළු බිඳූ
ආදරයෙන් ඔබද හැදූ
සිකුරුලියා
මාව දමා යන්න ගියා
සිකුරුලියා
ආදරයෙන් ඔබ හින්දා
මා මනසින් දුක් වින්දා
පාළුව ළඟ මා රන්දා
සිකුරුලියා
මාව දමා යන්න ගියා සිකුරු ලියා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by මිල්ටන් පෙරේරා
All songs by මිල්ටන් පෙරේරා