කොහේ හෝ දැන්

Kohe Ho Dan
කොහේ හෝ දැන් හිදිනවා ඇති ඔබත්
මගේ විජිතේ අහිමි වී මට මං
ලැබූ දිනුමක් අත්ද ඔබ මා
මැවූ සුන්දර සිහින මතකය මිසක්
සිහින රැකගෙන දිවආවේ ආදරෙන්
ඇවිද ගිය හැටි ඔබට මතකද ඉතින්
අපට අප නැති හෙට දිනක දුක අරන්
හඬා කුමටද නොදරුවන් සේ ඉතින්
සුසුම්ලන ලොව දැක තැවුල් පිරි හදින්
සුසුම් ලන්නද අප ගැනම කොයි ලෙසින්
සුභ අසුභපිරි සිහින විද තුන් සිතින්
සදා හමුවෙමු මගතොටේ මදහසින්
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී
All songs by දීපිකා ප්‍රියදර්ශනී