කිරි සයුරේ රැලි

Kiri Sayure Rali
කිරි සයුරේ රැළි උතුරන හසරැල්
දෙතොලෙ මවාදී හීන් සීරුවේ
පිපෙන නෙළුම් මල් පරිදි සියළු කල්
හද විල් තලාවේ ඔබේ වත පෙනේ
පළිඟු පලන්දා ගෙල සරසාලා
තිලකය ඇන්දා නළලත පිසදා
සේලය දවටා ලැමහස තුරුලේ
කවුරු නිසාදෝ
මැණික් රිදී රන් මා අත නැත්තේ
උතුම් ආදරේ පමණකි ඇත්තේ
එය කවුරුත් නෑ තව පිළිගත්තේ
එය ඔබටයි දෝ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ප්‍රියා සූරියසේන
All songs by ප්‍රියා සූරියසේන