කවිය ඔබ
Kawiya Oba
කවිය ඔබ තුන් තිස් පැයක්
නිඳි වරා වෙහෙසි
සිත දෙගිඩියාවෙන් තවම නොලියු
කවිය ඔබ
පද එකින් එක ලියවා
සිත කුරුටු ගා මැකුවා
ඔබ ලියූ කවි කියවා
මන් අසරණව උන්නා
යෞවනේ
තනිකමක් දැනෙනා මොහොතක
සිත ඉකිගසා හැඩුවා
හොර ඇහින් ඉඟි කරලා
සඳ මගෙන් සමු ගත්තා
කවි පොතම පොඩිකරලා
නිදියන්න මට සිතුනා
යෞවනේ
අත ළඟින් හිඳිනා මොහොතක
දුර ඈත බව දැනුනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by දීපිකා ප්‍රියදර්ශනී