කැරකෙන රෝදේ
Karakena Rode
කැරකෙන රෝදේ පුංචි කරත්තේ
ඉඳගෙන මම ඉන්නේ
පදික වේදිකා පසුකර යන්නට
තල්ලු කරන් පුතුනේ
කැඩුනු පාවහන් කුඩ නිමවාලා
දවසේ වියදම සරි කරවාලා
අඳුර වැටෙන්නට කලියෙන් ගෙදරට
තල්ලු කරන් පුතුනේ
කිරිකැටි දෙඅතේ සවිබල දියැවේ
පමා වුනොත් අප මහමඟ තනිවේ
අම්මා මඟ ඇති නෙත් හරවාගෙන
තල්ලු කරන් පුතුනේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි