කරදර පොදි බැඳ
Karadara Podi Banda
කරදර පොදි බැඳ ගැළ පිට පටවා
කරුමයෙ කළු ගොනු පෙරටුවෙ බැඳගෙන
මේ ජීවන මග අප යනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
සීපද මුවගින් පිට වෙනවා
අප යන මේ මඟ කළුගල් මතුවී
පය රත්වීලා බුබුළු නැගෙනවිට
දෑසින් කඳුළැලි මතුවෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
හිරිගල් පොත්තේ කන්ද නගිනවිට
ගම සිටිනා ඔබ හදෙහි ඇදෙනවා
ඒකෙන් ගමනට හිත දෙනවා
ඒ ගමනේ දුක් දාහෙ නිවාළන
සීපද මුවගින් පිට වෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව