කඳුළු හුරතල් වැඩිද මන්දා

Kandulu Hurathal Wadida Manda
කඳුළු හුරතල් වැඩිද මන්දා
පුංචිදේටත් ඇඩෙන හින්දා
හීන කවදත් මැකෙන හින්දා
හදේ ගැඹුරුම තැනෙක රන්දා
කඳුළු දුක රහසේම වින්දා
මලක මොළකැටි සුමුදු පෙති මත
ලියූ සෙනෙහස රිදුම් දෙන සඳ
පලාගෙන නෙත් පියන් නොදැනිම
කඳුළ වැටුනා අහිංසක ලෙස
නපුරු වී පෙම් විමන් බිඳලන
හිතක් කොතරම් නපුරු වූවද
කඳුළු හිනැහෙන විටදි නෙතු අග
අසරණයි යළි තනයි පෙම් ලොව
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්