කඳුල ඉතින් සමාවෙයන්

Kandula Ithin Samaaweyan
කඳුල ඉතින් සමාවෙයන්
අපි වෙන්වෙමු අද හවසට
මගෙ ගෙපැලට ඈ එනවා
සිරි යහනේ තනි රකින්න
කළු වලාව නැගෙන්නෙපා
ගඟට උඩින් හැන්දෑවට
මුදුන් ලීය යටින් ගෙපැලේ
ගොම වේලේ අලුත් හිතට
කන්ද කපා සඳ පායා
සඳරැස් යහනට වඩින්න
ඒ එළියෙන් අැගේ ගතේ
පිපි ගෝමර මල් දකින්න
මල්දෙවැටේ වතුසුදු මල්
පිපේවි ඈ පිළිගන්නට
කොපුල් තලා ඔමරි සිනා
බරවෙයි මල් පලගන්නට
බිලිඳු ගෙනා කිරි සුවඳක්
ගෙපැල දොරින් හමා එන්න
ඉඩදීයන් වලාකුලේ
මගෙ හීනය මල් පිපෙන්න
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කීර්ති පැස්කුවෙල්
All songs by කීර්ති පැස්කුවෙල්