ආදරේ සිත සනසන ආදරේ

Aadare Sitha Sanasana
ආදරේ සිත සනසන ආදරේ
ආදරේ සිත හඬවන ආදරේ
සඳ සිසිලේ තරු එළියේ මද පවනේ
හමුවෙනවද ආදරේ
ලොව නලවන ආදරේ
ආදරේ රස වෑහෙනා ජීවිතේ සනසා
නිරන්තරේ යොවුන් හදේ
හැඟුමන් පුබුදාලා
වසන්තයේ කුසුම් විලේ බිඟුන් මුවේ
මධු බිඳුවකි ආදරේ
නිම් හිම් නැති ආදරේ
ආදරේ සිත යා වෙලා වේදනා මවනා
තෙමා නුවන් මවා සුසම්
කඳුලක සැඟවෙනවා
කඳු මුදුනේ මීදුම සේ බොඳවන්නේ
නෙතු රවටන ආදරේ
ලොව හඬවන ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by කීර්ති පැස්කුවෙල්
All songs by කීර්ති පැස්කුවෙල්