කළුවන් කළු රුවයි
Kaluwan Kalu Ruwayi
කළුවන් කළු රුවයි අප ගම මදින්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
එන එන කැකුළු මල් නෑරම තලන්නා
දෙවියෝ රැක දෙන්න අප ගම මදින්නා
මගෙ සුදු මාමේ මගෙ සුදු මාමේ
නෑ බෑ නොකියා
රා පොඩියක් දී මා සනසන්නේ
ගහින් ගහට අතුර දිගේ නගින්නා
ළපටි කැකුළු මල් බල බල තලන්නා
මණ්ඩි නැතුව රා හැමටම බෙදන්නා
අනේ වාසනාවන් මේ මදින්නා
ළපටි රා තරුණ අපටයි බෙදන්නේ
පැහුණු රා මහළු අයටයි ඔබින්නේ
විනාකිරට ඉතුරු කොටස තබන්නේ
අවුරුදු අච්චාරුව ඉන් සදන්නේ
කිතුල් මල් තපා තෙල් දිය බාන්නා
රුහුණේ මී කිරට පැණි නිපදවන්නා
රසැති කිතුල් පොල් හකුරුද හදන්නා
ගමට කප්රුකක් මේ රා මදින්නා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by සී ටී ප්‍රනාන්දු