ඉරට මුවාවෙන්

Irata Muwaawen
ඉරට මුවාවෙන් ඉඳගෙන හිස පීරනවා
සඳට මුවාවෙන් ඉඳගෙන සළු පළඳනවා
දීප චන්ද්‍ර රේඛාවෙන් මුහුණ බලනවා
වළාකුලෙන් අහස්‌ තලෙන් බිමට වඩිනවා
පායන තරු ඇස්‌ ඇරලා බලා සිටිනවා
පීදෙන මල් පෙති විහිදා මුකුළු කරනවා
සුළන් රොදින් ඇදී ඇවිත් ඇඟේ වෙලෙනවා
ගහකොළ හෙලවෙන තාලෙට රහස්‌ කියනවා
මේඝ මැදින් විදුලිය මෙන් නටා දිවෙනවා
සීතල පොද වරුසාවෙන් සුසුම් සළනවා
ඇළ දොළ ගන් ඇද හැලීලා ගිමන් නිවෙනවා
මගේ හදට සදා සතුට ඔබෙන් ලැබෙනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව
All songs by අමරදේව