හුරතලේට කවි කියමින්

Hurathaleta Kawi Kiyamin
හුරතලේට කවි කියමින් එහෙ මෙහෙ ගිය මං
බාල බොළඳ බස් දොඩමින් කැලේ පැන්න මං
බාල වියෙන් පිටමං වී යොවුන් වියට පියමැන්නේ
පිය ළඳුනේ නුඹ නිසාය
කැදලි පුරා කුරුළු පුරේ ආල හැඟුම් මැවෙනු දුටිමි
කැලේ පුරා ලතා ලපලු තුරුවැල් පෙම් කෙළිනු දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ නුඹ නිසාය
උනුන් හඹාදුවන පනින සමණළ පෙම්වතුන් දුටිමි
රැලෙන් වෙන්ව පීනායන ආදරවන්තයින් දුටිමි
එවන් දසුන් මා දුටුවේ
පිය ළඳුනේ නුඹ නිසාය
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක