හුදකලා විරාමයයි

Hudakalaa Wiraamayayi
හුදකලා විරාමයයි හරි නිසංසලයි
පුංචි මුවැත්තියක්‌ වගේ ඔබ අහිංසකයි
ලය තුරුලට තුරුලු වෙවි ආදරේ කියයි
ඒ ආදරේ ලබන්න පිං නැති පෙම්වතා මමයි
කවි මුමුනන රතු තොල් පෙති හරි හැගුම් බරයි
ඒ තොල් පෙති සිපගන්නට හිතට හරි බයයි
මල් පෙති වැනි සිනිදු දෙතොල් රිදෙයි දෝ සැකයි
ඒහෙම උනොත් ඔබ වැලපෙයි හිතට හරි දුකයි
දහස්‌ පෙතියා මල් සුවදට හිත ඉබේ ඇරෙයි
හිනහෙන ඔබේ දෑස්‌ අගට කදුලු බිදු නැගෙයි
හුරතලෙට කිව කතා ආදරෙ ගෙනෙයි
එතොකොට මගේ හුරතලිගේ මුව සිනා පිරෙයි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්