හඬන්න ලංව ඇති ඔබේ

Handanna Lanwa Athi Obe
හඬන්න ළංව ඇති ඔබේ නුවන් පුරා
ඇඳෙන්නේ ජීවිතේ කතාවදෝ
හෙලන්න බැරිව ළතවෙනා සුසුම් සදා
කියන්නේ ජීවිතේ මුළාවදෝ
තරු ඇසක් ඇරී උදා ගිරේ
පෙම් මලක් මුවින් හිනා නැගේ
තරු ඇසේ කතා මියේද
පෙම් මලේ හිනා මැකේද
මේ වෙනසදෝ ආදරේ
සඳ රැහැන් වැටී සුනිල් දියේ
කුමුදු මල් දෙතොල් විදා පිපේ
හිරු ඇවිත් එ මල් දවාද
ඒ දුකත් වසන්ව යාද
මේ අරුතදෝ ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි
All songs by එඩ්වඩ් ජයකොඩි