ගිමන් හරින
Giman Harina
ගිමන් හරින දියඹ දිගේ
සුසුම් හෙලන වෙරල ඉමේ
බැසයන හිරු අඩැසි සඳට රහස් කියනවා
සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා
හිත් දැහැනේ වෙලී තිබුණු
නෙත් දැහැනේ ගලා හැලෙන
මියැදෙන්නට බලා ඉදපු ආදරයද මේ
කිදු රහසේ කියා දුන්නු ආදරයද මේ
නිල් කටරොළු නිල නැහැවුන
මල් ගව මෘදු සුව රැදවුන
තොල් පෙති කල් ඵලදාලන ආදරයද මේ
නුඹ රහසේ කියා දුන්නු ආදරයද මේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව