ගැලූ දිය කඳ

Galu Diya Kanda
ගැලූ දිය කඳ හැපී බිඳුනා
තිසා වැව් බැම්මේ
ඉතින් නුඹ නෑ මමත් හෙට නෑ
තිසා වැව් ඉවුරේ
එදා සාලිය අසෝකාවන් වගේ අපි දෙන්නා
මඟුල් උයනේ කෙරූ සක්මන් අදින් පසුනම් නෑ
රන් පියුම නැති දා
විල් තලය හැඩ නෑ
පැතලි රුවසේ එකට ඉන්නට අපිට පිං නැති දා
ඉසුරුමුණියේ කිසිම අගයක් ඉතින් දැන්නම් නෑ
පව් කෙරුව හින්දා
වෙන්ව යන් නොහඬා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්