එපා සඳේ ඔබේ සිනා
Epa Sande Obe Sina
එපා සඳේ ඔබේ සිනා මේ රැයේ
පිපී දිලේ හිතේ යොවුන් ආදරේ
මල් මාවතේ තරු සාදයේ
පාවේ කැළුම් ආදරේ
අඹ මල් යායේ බිඟු දැල් හී ඒ
මිහිලොල් සරා හැඟුම් පීදුනා
ලැතැවුල් සේදී හසරැල් පාවී
ඇගෙ වත පාවී සිනා
හිත බැඳි සීනේ නෙත රැඳි යාමේ
මුවරොද සැලී ලවන් සේදුනා
මධු සඳපානේ මල්සර යහනේ
මල්වර වී ආදරේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by එඩ්වඩ් ජයකොඩි