එදා වගේ සඳ

Eda Wage Sanda
එදා වගේ සඳ පෑයූ දිනයෙක
එදා වගේ සීතල තුරු සෙවනක
ඔබේ උණුසුමේ බිඳක් රැදෙන්නට
වරම් ලැබේවා යලි මතු දිනයක
නිසසල සෙවනක අඬවන් අඳුරේ
ලොවින් මුවා වූ අපේම ලොවකට
ඔබේ සෙනෙහසේ සුවද විදින්නට
වරම් ලැබේවා යලි පිවිසෙන්නට
දහසක් ගිනි මැද නිබදව වැලපෙන
ඔබේ අහිංසක නෙත්සනසන්නට
මොහොතක් මා නෙතු පියැවෙන්නට පෙර
වරම් ලැබේවා යලි ලංවන්නට
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න
All songs by ටී එම් ජයරත්න