දෙගුරුන් වෙනුවෙන්
Degurun Wenuwen
දෙගුරුන් වෙනුවෙන් සෙනෙහස බිළිදී
ගියත් මැකී ඔබ මගේ ලොවින්
හද බැඳි කුළුදුල් සෙනෙහස නොසිදී
සදා රැදෙනු ඇත ඔබේ නමින්
වෙන් වී යනුමුත් දුරින් දුරට ඔබ
මෙසේ දුරස් වී ගතින් ඔබේ
තනි නොකරමි ඔබ දිවි ඇතිතුරු මම
රැඳී සිටින්නෙමි සිතින් ළදේ
කදුළින් සමුගෙන වෙන් වී යනමුත්
සුසුමක රඳවා පැතුම් මෙසේ
බැඳි සිත් නොබිඳින ලොවකදි සසරේ
හමුවෙමු මතු අපි භවෙන් භවේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by පුන්සිරි සොයිසා