අදින් පසුව නෑ
Adin Pasuwa Naa
අදින් පසුව නෑ අප හමුවන්නේ
මේ අවසන් දිනයයි
සසර පුරා අප අත්වැල් බැඳ ආ
ගමන මෙයින් නිමවෙයි
වරද මගේදැයි වරද ඔබේදැයි
නොඅසමි ඔබගෙන් මතු දවසේ
එකම මඟක යන දෙදෙනෙකු වෙමු අපි
නන්නාඳුණනා අය විලසේ
කියන්න කිසිවක් ඉතිරිව නෑ මට
සියල්ල නිමවන මේ මොහොතේ
පිසින්න අවසර දෙන්න ලඳේ මට
අවසන් කඳුලක් ඔය දෙනෙතේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by පුන්සිරි සොයිසා