දේදුනු පාටයි මුහුණ ඔබේ

Dedunu Patayi Muhuna Obe
දේදුනු පාටයි මුහුණ ඔබේ
දිදුලන සමනළියේ
මුල් වර දුටු දින හිත ගත්තේ
ඒකයි සමනළියේ
අරුණෝදේ සුව දේ
මල් වල මී බිදු වෑ‍හෙන්නේ
ඔබටයි මල් කුමරෝ
සීතල පිනි මත ඇවිදින්නේ
ඔබටයි රන් බඔරෝ
මේ යාමේ හමු වී එක් වීලා ළං වීලා සැනසී
වරළ ඔබේ ඇද හැලෙනා ඇල්ල වගේ
සුවද ඔබේ චන්දන අරණ වගේ
ආදර ලෝකෙට පායන සද ලෙස
ඔබෙ වත දිළිසෙන්නේ
සාගර ජලයට වැඩිය මගේ හදෙ
ආදර ඔබට ප්‍රියේ
මගේ හදෙ ආදර ඔබට ප්‍රියේ
කීව කතා ඔබ මා ගැන සිහි වෙනවා
ප්‍රේම ලොවේ මම අහසේ පියඔනවා
ඔය අත ගන්නට සෙනෙහස දෙන්නට
මගෙ හිත ලතැවෙනවා
ඔබ සනසන්නට සුව කැන්දන්නට
මා හනිකට එනවා
ළදුනේ මා හනිකට එනවා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by චන්ද්‍රලේඛා පෙරේරා
All songs by චන්ද්‍රලේඛා පෙරේරා