දෙදරු ලඳුනි

Dedaru Landuni
දෙදරු ලඳුනි මට නිදි නෑ
තරු පෑයූ ගිනි කතරේ
ඉඳි ගස් සෙවනේ
වැලි හුල‍ඟේ කාසි නොවේ
සිඹින්න බැරි දරු සුවඳයි පාවී එන්නේ
උපන් බිමට දත නියවා
රන් කාසිය මිට මොළවා
සිත කකියන්නේ
උන්නත් පෙර අප නොකා නොබී
නවසි තැඹිලි ගස් සෙවනයි
දැන් සිහිවෙන්නේ
සැනසෙන්නට නුඹගේ කියා
කටහඬවත් ඇහෙනවනම්
ඉහ ඉද්දරිනේ, දැක ගන්නටවත් නුඹයි කියා
හීනෙන් වත් පෙනෙනවනම්
ඇහැ පියවෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by වික්ටර් රත්නායක
All songs by වික්ටර් රත්නායක