දයාබරව කඳුළු

Dayabarawa Kandulu
දයාබරව කඳුළු උනත් ඔබේ ඇස් දෙක
පරාජිතව සමුගන්නම් දෙන්න අත් දෙක
මලානිකව සෙලවෙන ගස්වැල් මල් අතර
ලියා තිබුණු දුක් ගීයකි අපේ සෙනෙහස
සරා සඳට තේරෙන්නැති කවියක පේළි
මම මුමුණන්නම් මගේ තනියට කව්රු නේවි
ඔබ නිදන යහනේදී
හඬවන නෙතු මා මතක් කළොත් මට ඇති දේවි
ආත්ම ගණනක් ඇවිදින් සංසාරෙ දිගේ
අපි හමුවී වෙන්වෙන්නැති මේ ලෙසින් ජීවිතේ
අමතකව නැති හැටි
මතකයට එපා එන්නට පව්කාර සිතුවිලි
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අසංග ප්‍රියමන්ත පීරිස්
All songs by අසංග ප්‍රියමන්ත පීරිස්