දෑතේ එල්ලී
Daathe Ellee
දෑතේ එල්ලී මියුරු කතා කී
සුරතල් දෝණියනේ
කාලයෙ රියසක මහළු මගෙන් ඔබ
ඈතට ගෙන යන්නේ
බොළඳ මියුරු බස් සවන් නිවාලූ
කැකුළු සිනා රස සිත සනහාලූ
අතීත සිහිනය බොඳවී දියවී
ඈතට පාවෙන්නේ
පරපුර වඩන ලෙසින් වෙහෙසෙන ඔබ
ඇස නැළවූ සිත පිනවූ
මතක වරායෙන් නොපෙනෙන ඈතට
වැලිබත පාවෙන්නේ
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by අමරදේව