දෑ සමන් මලක් වගෙයි
Daa Saman Malak Wageyi
දෑ සමන් මලක් වගෙයි
ප්‍රියංකරයි සුකෝමලයි
සුරංගනාවියක් වගේ
අහිංසකයි රටක් වටියි
කව්ද
මගෙ රත්තරං හෙලේනා
රාජ භෝජන නැත මට දෙන්නට
සිහින් සිනිඳු සළු නැත මට දෙන්නට
ගේදොර වතු පිටි නැත ගරුසරුවට
යාන්තමට ඇත දිවි රැකගන්නට
කව්ද
මගෙ රත්තරං හෙලේනා
පසු කරමින් මහා කඳුවැටි ඕවිටි
පාළු සොහොන්පිටි රබර්වතු බඩවැටි
ගල්මුල්වල පය පැටලී වැටි වැටි
මතකයි හඳපානේ කැන්දන් ආ හැටි
කව්ද
මගෙ රත්තරං හෙලේනා
Contributors · 0
No contributions yet.
Lyrics reproduced for study · © respective rights holders
More by ටී එම් ජයරත්න